Skip to main content

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......

1 (1)

උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ මවු ශාකයකින් තොරව භාග්‍යවතුන් වහන්සේට සෙවණ සැළසීමට හට ගන්නවා. අනාගතයේ පහළ වන අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට සෙවණ සැළසීමට වළාකුලක් වාගේ බෝධින් වහන්සේ වැඩෙනවා. අප සිද්ධාර්ත බෝධිසත්වයෝ උතුම් සම්බුද්ධත්වයට පත් වී මිස මෙතනින් නොගැටිමී වජ්‍රමය අධිෂ්ඨානයෙන් නොසෙල්වන අධිෂ්ඨානයෙන් වැඩ හිඳ ගත් නිසා වජිරාසනය නම් වෙනවා.
බුද්ධ කාලයේ වැඩ සිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැන් පිරිනිවන් පාලා දැන් වැඩ ඉන්නේ දඹදිව තෙවන පරම්පරාවේ බෝධීන් වහන්සේ. සිදුහත් කුමරයාගේ උතුම් උපත සිදුවූ වෙසක් පොහෝ දින පහළ වූ සහජාත වස්තුක් තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒදා ලොව පහළ වූ සහජාත වස්තුන් අතර අදටත් ජීවමානව වැඩ ඉන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.ඒ අනුරාධපුරයේ උඩ මලුවේ. අදටත් වීරාජමානව වැඩ ඉන්නවා. අනුරාධපුරයේ වැඩ සිටින අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජානන් වහන්සේට උතුම් බුද්ධත්වය උදෙසා සෙවන සැලසූ ඒ උතුම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජානන් වහන්සේ පුරා සතියක් බුද්ධත්වය පිණිස සෙවණ සැළසු ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා. අප භාග්‍යවතුන් වහන්සේ ගේ අනත්ත වූ බුදු ගුණ මහ පොළොවට, සඳ මඩළට, හිරු මඩළට සතර මහා සගරයට දරා ගන්න අමරුයි. මහ පොළොවට, සඳ මඩළට, හිරු මඩළට සතර මහා සගරයට දරා ගන්න අමරු බුද්ධානු බලය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දරා ගන්න පුලුවන් වුණා.

c1lWcXJLI2N280KgvPl3fUAMbyNZOU20140310135231

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාරීභෝගික ධාතුන් වහන්සේ නමක්. ඒ කියන්නේ අප තිලොගුරු බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද වස්තුවක්. බෝධීන් වහන්සේගේ එක් පත්‍රයක් අතින් ඇහුලුවොත් ඒ පිනේ විපාකය කල්ප ලක්ෂ ගානක් වෙනවා කියනවා. ස්ත්‍රියකට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අතින් ස්පර්ශ කරන්න කැප නැහැ. යම් ස්ත්‍රියක් අතින් ස්පර්ශ කළොත් එය නිරයට වැටීමට හේතු වෙනවා. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ අතින් ස්පර්ශ කළේ නැහැ. රන් කටාරමක බහාලා ගෞරවයෙන් වැඩම කෙරෙව්වේ. ඒ වගේමයි බෝධීන් වහන්සේට අගෞරව වන විදියට යම් කිසි කොඩියක් වත් එල්ලන්න සුදුසු නැහැ. එවැනි වැරැද්දක් ඔබ අතින් සිදුවෙලා තියනවා නම් හොදින් පිරිසිදු වී ඇවිත් විසි එක් වතාවක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා නමස්කාර කරමින් ප්‍රදක්ෂිනා කොට සතර කොන තුන් වතාවක් දණ්ඩ නමස්කාර කරමින් වන්දනා කරන්න ඕන.
අද කතා කරන්නේ දරුවො නැති අම්මලාට ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගිහින් පිරිසිදු සිතින් යහපත්ව බෝධීන් වහන්සේ වන්දනා කරන විදිය. අපේ අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේ නමක් බණට පැරණි විස්තරයක එන වත් පිළිවෙත් කරන විදිය විස්තර කළා. ඒ විස්තරයයි මේ.

leaves-of-the-sri-maha-bodhi-tree

කුඹුරට ගිහින් නොඉඳුල් වී කරල් කඩා ගෙන එන්න ඕන. අරන් ඇවිත් හාල් පතක් හදා ගෙන වී අතින්ම සුද්ධ කරන්න ඕන. හාල් පත අරගෙන හොඳින් සොඳා හාල් වලට හරියන කිරි ටික දාලා මුට්ටියක තියන්න ඕන. ලොකු වලඳක් අරගෙන ඊට සුවඳ වර්ග දමා වතුර පුරවන්න ඕන. වතුර උඩට පිරිසිදු ගල් කැට තුනක් තබා හාල් මුට්ටිය ඊට උඩින් තියන්න ඕන. වතුර භාජනයට ගින්දර දමා හුමාලයෙන් කිරි බත සකස් කර ගන්න ඕන. ඒ කිරි ආහාරය හදා ගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හොදින් පිරිසිදු වී ඇවිත් පුජා කරලා. දවස් හතක් අම්මයි තාත්තයි බඹසර සිල් ආරක්ෂා කරලා. ඒ ශීලයෙන් ලද පින දෙවියන්ට අනුමෝදන් කරන්න ඕන.හත් වෙනි දවසේ බෝ මලූව අමදලා. සුදු වැලි අතුරලා. මල් ආසන දෝවනය කරලා. සුවඳ මලින් සරසලා. ඒ වත් සිදු කරන්න ඕන. ලොකු ස්වාමින්වහන්සේ කියනවා වන්දනා කරද්දී  තෙරුවන් නැමද අප භාග්‍යවතුන් වහන්සේ වඳාල උතුම් කරණීය මෙත්ත සුත්‍රය, දම්සක් පැවතුම් සුත්‍රය සජ්ජායනා කරලා බුද්ධානුස්සතී භාවනාව වඩලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න කියළා. පිරිමි දරුවෙකු ලැබෙන්නෙ සසරේ කරපු පිනක විපාක විදියටයි. මුසාවාදයෙන් වැළකී වාසය කළ යුතුයි.
මේ වත් පිළිවෙත් නිවැරදිව කිරීමෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබටත් සෙත සළසා ගන්න පුලුවන්.
දැහැමි ශ්‍රද්ධාවන්තයෝ කියවත්වා වන්දානා කරතවා.

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

නමො බුද්ධාය !

Comments

Popular posts from this blog

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම. අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා. "දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න." ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්. පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක්...

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම. තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා. ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ....