Skip to main content

Posts

Showing posts from August, 2017

VI භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානය

මනාපදායී ලභතේ මනාප’න්ති ( මනාප දේ දෙන්නා මනාප දේ ලබයි ) - පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පිනවත් ලොකු ස්වාමීන් වහන්සේ - මහාමේඝ 2015 වෙසක් කලාපය භාග්‍යවතුන් වහන්සේ වදාළා මනාපදායී ලභතේ මනාප’න්ති මනාප දේ දෙන්නා මනාප දේ ලබයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝතාපන්න ශ්‍රාවකයෙක් හිටියා උග්ග කියලා. උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රධාන හතරනමක් සංඝයා වහන්සේලා ගෙදර දානයට වඩින සේක්වා කියළා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. ඉතින් පසුදින බුදුරජාණන් වහන්සේ වැඩම කළා. උග්ග සිටුතුමා කියනවා භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ, ‘(මනාපදායී ලභතේ මනාප’න්ති) මනාප දේ දෙන්නා මනාප දේ ලබයි’ කියලා. භාග්‍යවතුන් වහන්ස, මම එ් වචනයට හරියට පැහැදුණා. එ් නිසා මම අද මට මනාප දේවල් ඔක්කෝම දානයට ලෑස්ති කළා. භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි ‘සල්ඵුප්වලට’.  එ් නිසා මම භාග්‍යවතුන් වහන්සේට එ්වා ලෑස්ති කළා. කැමති දේ දුන්නා ම කැමති දේ ලැබෙනවා කියන කරුණ සිහිකරමින් මම එ්වා පූජා කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා..!” ඊට පස්සේ...

V භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානය

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දානයේ අග්‍ර වූ කොටස පුජා කර අග්‍ර වූ පින් රැස් කල හැකි උතුම් වූ දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ ලැබී තියෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය තුල බුදුකෙනෙකුගේ ධර්මය අහන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ වගේම අප භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ශ්‍රී සංඝ රත්නය උදෙසා දන් පුජා කරගන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ වූ දෙයක්. අද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානයෙන් අපේ ජීවිතයට ලද හැකි පුන්‍ය ගංගාව ගැන කතා කරන්නේ. දානය ගැන බොහෝ කරුණු අප භාග්‍යවතුන් වහන්සේගේ සුත්‍ර දේශනාවල සඳහන් වෙනවා. අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. අනේපිඬු සිටු මාළිගාවේ දිනපතා දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාව ද සුප්පියා ද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා. අප භාග්‍යවතුන් වහන්සේ චක්ක නිපාතයේ එන ආවරණ සුත්‍රයේ වදාළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දෙසන...

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවි...