Skip to main content

Posts

Showing posts from May, 2017

iii මිහිඳු මහ රහතන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අතීත සහ අනාගත කතා විස්තරය කිරීම

මිහිඳු මහ රහතන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අතීත සහ අනාගත කතා විස්තරය කිරීම  මිහිඳු මහා රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා......  එඳා පොසොන් පෝය දවස. අපගේ මිහිඳු මහා රහතන් වහන්සේ මේ ලංකාද්වීප වැසියන් ගැන බොහෝ අනුකම්පාවෙන් මිස්සක පව්වට වැඩම කළා. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළේ තමන්ගේ ශිෂ්‍ය රහතන් වහන්සේලා සතර නමත්, සුමන සාමනේරයන් හා භණ්ඩුක උපාසකතුමා කැටුවයි. මේ පිරිස අතර හිටිය සුමන සාමනේරයන් වහන්සේ හරීම ඉර්ධිමත්. අපගේ මිහිඳු මහා රහතන් වහන්සේ ථූපාරාම සෑයේ නිධන් කරන්න අප බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා සක් දෙවිඳුගෙන් ඉල්ලා ගෙන එන්න යැවුවෙත් සුමන සාමනේරයන් වහන්සේ. ඒ වගේම ඒ අතර සිටි භණ්ඩුක උපාසකතුමාත් අනාගාමී කෙනෙක්. ගිහි උපාසකතුමා මෙහි කැඳවා ගෙන එන්නේ මේ මිස්සක පව්වේ වැඩ ඉන්නේ මනුෂ්‍යයන් බව පෙන්වා දෙන්ටයි. මිස්සක පව්වේ අම්බස්ථල ගල් කුල මත වැඩ සිටියේ මිහිඳු මහා රහතන් වහන්සේයි. මිහිඳු මහා රහතන් වහන්සේ මෙහි වැඩම කරන කලේ ලංකාද්වීපයේ රජකම් කලේ දේවාන...

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම. අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා. "දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න." ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්. පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක්...

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම. තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා. ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ....