Skip to main content

iii මිහිඳු මහ රහතන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අතීත සහ අනාගත කතා විස්තරය කිරීම

මිහිඳු මහ රහතන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අතීත සහ අනාගත කතා විස්තරය කිරීම 

මිහිඳු මහා රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා...... 


එඳා පොසොන් පෝය දවස. අපගේ මිහිඳු මහා රහතන් වහන්සේ මේ ලංකාද්වීප වැසියන් ගැන බොහෝ අනුකම්පාවෙන් මිස්සක පව්වට වැඩම කළා. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළේ තමන්ගේ ශිෂ්‍ය රහතන් වහන්සේලා සතර නමත්, සුමන සාමනේරයන් හා භණ්ඩුක උපාසකතුමා කැටුවයි. මේ පිරිස අතර හිටිය සුමන සාමනේරයන් වහන්සේ හරීම ඉර්ධිමත්. අපගේ මිහිඳු මහා රහතන් වහන්සේ ථූපාරාම සෑයේ නිධන් කරන්න අප බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා සක් දෙවිඳුගෙන් ඉල්ලා ගෙන එන්න යැවුවෙත් සුමන සාමනේරයන් වහන්සේ. ඒ වගේම ඒ අතර සිටි භණ්ඩුක උපාසකතුමාත් අනාගාමී කෙනෙක්. ගිහි උපාසකතුමා මෙහි කැඳවා ගෙන එන්නේ මේ මිස්සක පව්වේ වැඩ ඉන්නේ මනුෂ්‍යයන් බව පෙන්වා දෙන්ටයි. මිස්සක පව්වේ අම්බස්ථල ගල් කුල මත වැඩ සිටියේ මිහිඳු මහා රහතන් වහන්සේයි. මිහිඳු මහා රහතන් වහන්සේ මෙහි වැඩම කරන කලේ ලංකාද්වීපයේ රජකම් කලේ දේවානම්පිය තිස්ස රජතුමයි. දේවානම්පිය තිස්ස රජතුමා දඹදිව රජකම් කරපු ධර්මාශෝක රජතුමා ගේ මිතුරෙක්. ධර්මාශෝක රජතුමා ලංකාද්වීපයට හරිම හිතවත් රජ කෙනෙක්. තමන්ගේම පුතාවනේ එව්වේ ධර්මය මේ ධරණී තලයේ පිහිටුවන්න. එඳා දේවානම්පිය තිස්ස රජතුමා මිහිඳු මහා රහතන් වහන්සේගෙන් බණ ආසා පැහැදිලා තෙරුවන් සරණ ගියා. ඒදා පටන් තමයි මේ සිංහලද්වීපයේ බුදු සුවඳ, දහම් සුවඳ, සඟ සුවඳ පැතිරුනේ.

මේ ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය පිහිටවුයේ මිහිඳු මහා රහතන් වහන්සේ. අධර්මයෙන් ලක්වාසීන් මුදවලා ධර්මයට මිනිසුන් පමුණුවලා ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවුයේ මිහිඳු මහා රහතන් වහන්සේ. අද අපි බණ පදයක් අහන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දකින්නේ ඒදා භාග්‍යවතුන් වහන්සේ වදාල මාර්ගයේ ගමන් කළ මිහිඳු මහා රහතන් වහන්සේට පින්සිඳුවන්නටය.

දේවානම් පිය තිස්ස රජතුමාට මිහිඳු මහා රහතන් වහන්සේ අනාගතයේ ඉඳිවන මහා සෑය ගැන වදාලා. දේවානම් පිය තිස්ස කියන්නේ දෙවියන්ට ප්‍රිය වු තිස්ස කියන තේරුම. දවසක් මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කරනවා රජ ගෙදර ඉහළ දකුණු පැත්තට. අපේ දෙවනම් පිය තිස්ස රජතුමත් සපුමල් පුදමින් අසළින්ම ගමන් කරනවා. මිහිඳු මහා රහතන් වහන්සේ මහා සෑය පිහිටුවන භූමියට වැඩම කරනවා. රාජ පුරුෂයෙක් ඇවිත් සපුමල් මිටක් රජතුමා අත තැබුවා. රජතුමා මිහිඳු මහා රහතන් වහන්සේට සපු මල් මිට පිළිගැන්නුවා.  මිහිඳු මහා රහතන් වහන්සේ සපු මල් මිට උස් බිම් කඩට පුජා කරනවා. එතනදී මහා පොළොව කම්පා වුනා.  රජතුමා  අහනවා "ස්වාමීනී, මහ පොළොව කම්පා වීමට හේතුව කිම.". මිහිඳු මහා රහතන් වහන්සේ වදාලා " රජතුමනි, මේ භුමිය මේ මහා භද්‍ර කල්පයේ පහල වු සතර බුදුරජාණන් වහන්සේලාගේ පා පහස ලඳ පුන්‍ය භූමියක්. සතර බුදුරජාණන් වහන්සේලා මහ රහතුන් පිරිවරා නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි භූමියක්. මහා සෑයකට ඉතාමත් සුදුසුයි". "රජතුමනි, මේ මහා සෑය එක්සිය විසි රියනක් උසයි. අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මෙහි වැඩ සිටිනවා. දෙව් මිනිස් ලෝකය තුල ස්වර්ණමාලී නමින් ප්‍රකට වෙනවා." කියා වදාලා. එවිට දේවානම් පිය තිස්ස රජතුමාට සිතුනා මේ මහා සෑය මම කරවන්න ඕන කියලා. මිහිඳු මහා රහතන් වහන්සේ රජතුමා ට වදාරනවා " රජතුමනි, ඔබට කළ යුතු තව වැඩ කට‍යුතු තව බොහෝමයි. මේ මහා සෑය තනන්නේ අනාගතේ ඔබේ මුනුබුරෙක් වන ගාමීණී අභය රජතුමා. මහානාම යුව රජුට ඉපදෙනවා යටාලතිස්ස නමින් පුත් කුමරෙක්. ඒ යටලතිස්ස රජතුමාගේ පුත් කුමාරයා තමයි ගෝඨාභය. ඒ රජතුමාට පුත් කුමාරයෙක් ලැබෙනවා කවන්තිස්ස. මේ කවන්තිස්ස රජතුමා රුහුනේ මාගම රජකම් කරනවා. එතුමගේ පුත් කුමරයා තමයි ගාමීණී අභය". 

මේ විස්තරය අසා දේවානම්පියතිස්ස රජතුමා මේ විස්තරය ලියපු ගල් ටැඹක කොටලා මේ මහා සෑය පිහිටන භූමියේ මධ්‍යයේ පිහිටුවනවා. මේ කරුණ රන් පතක ලියලා රජ වාසලේ කරඞුවක තැන්පත් කරනවා. මේ ආකාරයට තමයි මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට අනාගතයේ ඉදිවන මහා සෑය ගැන විස්තර කරන්නේ.

දේවානම්පියතිස්ස රජතුමා ශාසනය වෙනුවෙන් බොහෝ කටයුතු කරනවා. ථුපාරාම සෑය හදන්නේ එතුමා. අප අප භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට තමයි ථුපාරාම සෑය හදන්නේ. අකු ධාතුන් වහන්සේ ථුපරමයට ලැබෙන්න කලින් දෙව් ලොව සක් දෙවිඳු ලඟ තමයි වැඩ ඉන්නේ. දෙවියන්ට ප්‍රිය වු දෙවනම් පිය තිස්ස රජතුමා එලෙස රාජ්‍ය විචාලා.

මිහිඳු මහ රහතන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අතීත සහ අනාගත කතා විස්තරය කිරීම  නිමි.

පිවිසෙන්න    https://dtravel2017.wordpress.com/

Comments

Popular posts from this blog

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම. අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා. "දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න." ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්. පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක්...

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම. තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා. ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ....

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවි...