Skip to main content

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.



තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා.

ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ. ඒ නිසා තමයි ස්වර්ණමාලිමහා සෑය මෙතරම් පූජනීය ස්ථානයක් වන්නේ.මහාවංශය, ධාතුවංශය, ථූපවංශය වගේ ඉතිහාස ග්‍රන්ථවල හරියට විස්තර තියනවා.
මේ මහා භද්‍ර කල්පයේ පහල වු සතර බුදුරජාණන් වහන්සේලාගේ පා පහස ලඳ පුන්‍ය භූමියක් තමයි මහා සෑ භූමිය. මේ මහා භද්‍ර කල්පයේ පහල වු සතර බුදුරජාණන් වහන්සේලාගේ පා පහස ලඳ පුන්‍ය භූමියක් තමයි මහා සෑ භූමිය. හරියටම මේ මහා සෑයේ මධ්‍ය මණ්ඩළයේ සතර බුදුරජාණන් වහන්සේලා මහ රහතුන් පිරිවරා නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටියා.මිනිස් ආයුෂ හතළිස් දහසක් වු කාලයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා.දහසක් රහතුන් පිරිවරා කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ මහා සෑ භූමියේ වැඩ සිටියා.මිනිස් ආයුෂ තිස් දහසක් වු කාලයේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. තිස් දහසක් රහතුන් පිරිවරා කෝණාගමන බුදුරජාණන් වහන්සේ මේ මහා සෑ භූමියේ වැඩ සිටියා. මිනිස් ආයුෂ විසි දහසක් වු කාලයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා.විසි දහසක් රහතුන් පිරිවරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා සෑ භූමියේ වැඩ සිටියා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී අවුරුදු  අටක් ගත වු තැන රහතුන් වහන්සේලා පන්සියයක් පිරිවරා ලංකාද්වීපයට වැඩම කරනවා.ඒ චුල්ලෝදර මහෝදර නාග දමනය කිරීමට කැළණියට වැඩම කළ අවස්ථාවේ  මණිඅක්ඛිත නා රජුගේ ආරාධනය පරිදි. නිල් වන් නෙත් යුගලක් තිබුනු නිසා මණිඅක්ඛිත නමින් හඳුන්වනවා. මණිඅක්ඛිත නා රජතුමා කාලයක් බලා සිටියා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරන තෙක්. ලක්දිවට වැඩම කිරීමට ආරාධනාව මතක් කිරීමට මානවක වෙස් මවා ගෙන සැවැත්නුවර ඡේතවනාරාමයට පැමිණිලා අපගේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා හෙට දිනයේ මාගේ දානයට වඬින සේක්වා කියලා. ආරාධනය පිලිගත් අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතුන් පිරිවරා කැළණියට වැඩම කළා. එහිදි මණික් පුටුවක් පනවා බුදුරජාණන් වහන්සේට දානය පිළිගැන්වුවා. තෙවන වරට ලංකාද්වීපයට වැඩම කල අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ලක්දිව තැනින් තැනට වැඩම කළා.එහිදි සමන්තකූට පර්වතයට වැඩම කල බුදුරජාණන් වහන්සේ ශ්‍රි පාද පද්මය ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත පිහිටෙව්වා. මෙලෙස ශ්‍රි පාද පද්මයන් ස්ථාන සතරකදී  පිහිටෙව්වා.

ශ්‍රි පාද පද්මය වඳින ගාථාව 
යන්නම්මදාය නදියා පුලිනේච තීරේ - යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යං තත්ථ යෝනකපුරේ මුනිනෝච පාදං - තං පාද ලාංඡන මහං සිරසා නමාමි
නර්මදා නදියෙහි වැලිතලාවෙහිද සච්චබද්ධ පර්වතයෙහිද සමන්ගිර මුදුනෙහිද යෝනක පුරයෙහිද බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාදය පිහිටියේද ඒ ශ‍්‍රී පාද ලාංඡුන මම සිරසින් නමදිමි.

බුදුරජාණන් වහන්සේ ශ්‍රි පාද පද්මය මෙලෙස සමන්තකූට පර්වතයේ, යන්නම්මදාය නදියේ, යෝනකපුරේ සහ සච්චබද්ධ පර්වතයේ පිහිටෙව්වා. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සුණාපරන්ත ජනපදය පිළිබඳ ඒ වර්තමානයේ හඳුන්වන මක්කමයි. ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් පුණ්ණ තෙරණුවෝ  මුල් කොට ගනිමින් අප බුදුරජාණන් වහන්සේ වඳාල පුණ්ණෝවාද සූත්‍රයෙහි සඳහන් වෙනවා සුණාපරන්ත ජනපදය පිළිබඳ. සුණාපරන්ත ජනපදයේ පිහිටි මකුලකාරාම මහා විහාරයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රි පාද පද්මය පිහිටුවා වදාළා. පුණ්ණ තෙරුන්ගේ ආරාධනය පරිදි සුණාපරන්ත ජනපදයට වැඩම කල බුදුරජාණන් වහන්සේ සච්චබද්ධ පර්වතයේත්, නර්මදා නදී තීරයෙහිත් සිරිපා ලකුණු පිහිටුවා වදාළා.

මෙලෙස තෙවන වරට ලංකාද්වීපයට වැඩම කල අවස්ථාවේ අප බුදුරජාණන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් පිහිටන භූමියට වැඩම කරනවා. අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතුන් පිරිවරා නිරෝධ සමාපත්ති සුවයෙන් මේ සෑ භූමියේ වැඩ සිටිනවා. ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය බුද්ධ බලය පිහිටන කේන්ද්‍රස්ථානයක්. හරීම ආනූභාව සම්පන්න පාරීශුද්ධ භූමියක්. සතර බුදුරජාණන් වහන්සේලාගේ පා පහස ලඳ පුන්‍ය භූමියක්නේ. අප බුදුරජාණන් වහන්සේ ලක්දිවට ප්‍රථම වරට වැඩම කල විට ලක්දිවට වැඩම වීමට පෙර තෙවරක් ලංකාව වටා ප්‍රදක්ෂිණා කොට වඬින්නේ.ඒ නිසා තමා ලංකාවට ආරක්ෂාව සැලසෙන්නේ. අප බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වඩින කොට මහාසාල නම් දිව්‍ය රාජයෙක් පැමිණෙනවා. ඒ මහාසාල දිව්‍ය රාජයට පවරනවා බුදුරජාණන් වහන්සේ මේ සෑ භූමිය ආරක්ෂා කරන ලෙසට. අප ගාමීණී අභය රජතුමා එන තෙක් මේ මහා සෑ භූමිය ආරක්ෂා කරන්නේ මහාසාල දිව්‍ය රාජයා විසින්.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම කතාව නිමි.

Comments

Popular posts from this blog

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම. අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා. "දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න." ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්. පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක්...

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවි...