Skip to main content

ii බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම.


අප භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් බුදුකිස නිම කොට පිරිනිවන් මංචකයේ වැඩ හිඳ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රවකයෙකු වු සක් දෙවිඳුන්ට ප්‍රකාශ කරනවා.
"දේවේනද්‍රය මාගේ බුද්ධ ශාසනය අනාගතයේ ආරක්ෂා වන්නෙ මේ ශ්‍රී ලංකා ධරණි තලයේ. ලංකා ධරණි තලය ආරක්ෂා කරන්න. බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අනුග්‍රහය දක්වන්න."
ඒසේම සම්බුදු මුවින් ප්‍රකාශ කරනවා. " පිරිනිවීමෙන් පසු මගේ ධාතුන්වහන්සේලා සොළොස් නැළියක් එනම් ද්‍රෝණ අටක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මාගේ අධිෂ්ඨානය පරිදි ඉතිරි වෙනවා. එයින් ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් වෙන් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නැයි පවරනවා. අප භාග්‍යවතුන් වහන්සේ තවත් අධිෂ්ඨාන පහක් කරනවා. ඒ අධිෂ්ඨාන පහම කරන්නේ ලංකාව වෙනුවෙන්.

පළමු අධිෂ්ඨානය තමයි ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව වැඩමවද්දී ධර්මාශෝක මහ රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලඟට යනවිට දකුණු ශාඛාව පමණක් පෙනී අනෙක් ශාඛා නොපෙනෙත්වා. දෙවන අධිෂ්ඨානය තමයි ඒ බෝධීන් වහන්සේ ආයුධයකින් නොකපා බෝධීන් වහන්සේ තමන් වහන්සේගේම ශාඛා වෙන් වෙන්වී රන් කටාරමේ පිහිටත්වා. තෙවන අධිෂ්ඨානය තමයි ඒ දකුණු බෝධී ශාඛාව පත්‍රයෙනුත් පලයෙනුත් නිල් පාට රැස් විහිදවමින් අහසට පැනනැගි වලාකුලු වලින් වැසී දින හතක් පවතිත්වා. සතරවන අධිෂ්ඨානය තමයි ථූපාරාමයේ අකු ධාතුන් වහන්සේ පිහිටන දවසේ අකු ධාතුන් වහන්සේගෙන් යමක මහා පෙළහැර සිදුවෙත්වා. පස් වන අධිෂ්ඨානය තමයි ස්වර්ණමාලිමහා සෑරජාණන් වහන්සේගේ ධාතු නිධානය වන දවසේ  බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන්වහන්සේලාගෙන් බුදු සිරුර මැවී යමක මහා පෙළහැර සිදුවෙත්වා. සක් දෙවිඳුන්ට ශ්‍රී ලංකාද්වීපය භාර කල අප භාග්‍යවතුන් වහන්සේ පහන් සිලක් නිවී යන පරිදෙන් පිරිනිවන් පා වදාලා. පිරිනිවිමෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය සඳුන් දර සෑයක ආඳාහනය කලා.

ලංකාද්වීපයට ධාතුන් වහන්සේලා ලැබුනු ආකාර ගැන විස්තර කරනවා. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඬ හිඳිනකාලයේදී වැඳුම් පිඳුම් කිරීම පිණිස ධාතුන් වහන්සේලා ලංකාද්වීපයට ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ විසින්ම කේශ ධාතුන් වහන්සේලා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට ලබා දුන්නා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිරියායේ සෑයක් පිහිටුවනවා. ඒ සෑය ගිරිහඬු සෑය නමින් හඳුන්වනවා.

     ගිරිහඬු සෑය, තිරියාය

ඒ වගේම තමා භාග්‍යවතුන් වහන්සේ තෙවන වර වඩින අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයා විසින් වැඳුම් පිඳුම් කිරීම පිණිස යමක් ඉල්ලා සිටිනවා. එවිට ලක් වාසීන්ගේ හිත සුව පිණිස අප භාග්‍යවතුන් වහන්සේ විසින්ම කේශ ධාතුන් වහන්සේලා සුමන සමන් දිව්‍ය රාජයාට ලබා දෙනවා. ඒ කේශ ධාතු තැන්පත් කර මහියංගන සෑය පිහිටුවනවා. පිරිනිවන් මංචකයේදී භාග්‍යවතුන් වහන්සේගේ දේහයේ ධාතුන් වහන්සේලා බෙදී යනවා. ඒ බෙදීයන අයුරු සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක්වූ සරභූ මහ රහතන් වහන්සේ දිවැසින් දකිනවා. සංඝයා ශ්‍රී දේහයට වැඳ නමස්කාර කරමින් සිටින මොහොතේදී මහා ගිනි ජාලාව මැදින් සරභූ මහ රහතන් වහන්සේ වැඬම කරලා  අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන මහියංගනයට වැඩම කරනවා. මහියංගන සෑය  ඔසවා කේශ ධාතුන් වහන්සේ ලගින්ම ග්‍රීවා ධාතුන් වහන්සේ තබා සොලොස් රියන් උස මහා සෑයක් කරවා නැවතත් සඳුන් දර සෑය ළඟට පැමිණෙනවා. එලෙසයි ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාද්වීපයට ලැබෙන්නෙ.

ඛේමා මහා තෙරණින් වහන්සේ බලා සිටිනවා සරභූ මහ රහතන් වහන්සේ මහා ගිනි ජාලාව මැදින් වැඬම කරන සැටි. ඛේමා මහා තෙරණින් වහන්සේත් වඩිනවා මහා ගිනි ජාලාව මැදින්. වැඩම කරලා වම් දළඳා වහන්සේ අතට ගෙන පිටතට වැඩම කරනවා. ඒ වම් දළඳා වහන්සේ තමයි රැස් විහිඳුවමින් මහනුවර දළඳා මාලිගාවේ වැඩ ඉන්නේ.

    දළඳා මාලිගාව, මහනුවර

ධාතු බෙදන කොට ජයසේන නම් නාග රාජයෙක් පැමිණෙනවා. ඒ නාග රාජයාට ලැබෙනවා දකුණු දළඳා වහන්සේ. ලංකාවේ වැඩ සිටි මහින්ද රහතන් වහන්සේට ලැබෙනවා ජයසේන නා රජතුමාගෙන්. ඒ දකුණු දළඳා වහන්සේ අද සෝමාවති සෑයේ වැඩ සිටිනවා. ඉතින් ලංකා ධරණි තලය කොයිතරම් පුන්‍යවන්තද. භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් දළඳාවහන්සේ දෙනමක් වැඩ සිටිනවනේ.

සෝමාවති සෑය, පොලොන්නරුව

පාවා නුවර මල්ල රජ දරුවන්ට ලැබෙනවා ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා. ඒ අතර ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. කාශ්‍යප මහා රහතන් වහන්සේ මල්ල රජ දරැවන්ට වඳාරනවා. "රජතුමනි, භාග්‍යවතුන් වහන්සේ ලංකා ධරණි තලයට වැඩම කල අවස්ථාවේ කවන්තිස්ස නමින් රජ කෙනෙක් පහළ වෙනවා. එතුමා මහා සෑයක් කරවනවා. ඒ මහා සෑයේ ලලාට ධාතුන්වහන්සේ තැන්පත් කොට සෑය කරවන බව වඳාලා. ඒ ලලාට ධාතුන්වහන්සේ අප රැක ගන්නම්." කියලා. ඒ ලලාට ධාතුන්වහන්සේ අද සේරුවිල මහා සෑයේ වැඩ ඉන්නවා. සුදු පට රැස් විහිඳුවමින් වැඩ ඉන්නවා. කිරි සුදු පාටින් බබළන සේරුවිල මංගල මහා සෑය හරීම පූජනීයයි.

    සේරුවිල මංගල මහා සෑය

ඒ ලලාට ධාතුන්වහන්සේ සැවැත් නුවර අප භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියට වඩමවනවා. මහා කස්සප රහතන් වහන්සේ පවරනවා  නන්දක තෙරුන්ට ලලාට ධාතුන්වහන්සේ ආරක්ෂා කරන්නයි කියලා. මහාදේව මහා රහතන් වහන්සේ ආකාසෙන් ලංකවට වැඩම්වනවා අප භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන්වහන්සේ. කාවන්තිස්ස රජතුමා ලලාට ධාතුන්වහන්සේ නිධන් කර සේරුවිල මංගල මහා සෑය පිහිටුවනවා. නාග ලෝකයෙන් විහාර මහා දේවියට ලැබෙනවා අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා. ඒ කේශ ධාතුන් වහන්සේලාත් සේරුවිල මංගල මහා සෑයේ තැන්පත් කරනවා.

ද්‍රෝණ අට බෙදා වෙන් කල පසු දඹදිව් තලයේ මහා ස්ථූප අටක් ඉදිවූණා. මෙලෙස රාම ග්‍රාමයට ලැබෙනවා ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා. ඒ ධාතුන්වහන්සේලා රාම ග්‍රමයේ සෑයේ වැඩ හිඳුවනවා.ගංඟා නම් ගඟ ආසන්නයේ තමා සෑය පිහිටා තියෙන්නෙ. ගංඟා නම් ගඟ ආසන්නයේ පිහිටන නිසා නාගයො පැමිණ සෑය ආරක්ශා කරනවා. මහා කස්සපයන් වහන්සේ  අනාගතේ පර සතුරන්ගෙන් ධාතුන්වහන්සේලාට යම් කරදරයක් වේ යැයි සිතා අජාසත් රජතුමාට දන්වනවා ධාතු නිදානයක් කිරිමට අවශ්‍ය භූමිය සකස් කරන ලෙස. අජාසත් රජතුමා මහා කස්සපයන් වහන්සේ වදාල පරිදි මහා ධාතු නිදානයක් කරනවා. මහා කස්සපයන් වහන්සේ සෑයන්හි ඇතුලට වැඩම කොට වන්දනාවට යම් ප්‍රමාණයක් ධාතු ඉතිරි කර සෙසු ධාතුන්වහන්සේලා ධාතු නිදානය පිණිස ගන්නවා. රාම  ග්‍රමයේ ධාතුන්වහන්සේලා එලෙසම තබනවා. මහ කස්සපයන් වහන්සේ සිහි කරනවා මේ ධාතුන්වහන්සේලා වෙන් වන්නේ ලංකාද්වීපයේ ඉදිවන මහා සෑය වෙනුවෙන් කියලා. පසුව මහා ගං වතුරක් ඇවිත් සෑය විනාශ වෙනවා. මේ සෑයේ ධාතු කරඬුව ගංඟා නම් ගඟේ රැස් විහිදුවමින් පාවේවී යනවා දකිනවා නාගයෝ. නාගයෝ ධාතුන්වහන්සේලා ට වන්දනා කරන්න බොහෝ ආස පිරිසක්. මහාකාල නා රජතුමාට ගිහින් කිව්වා. 
"රජතුමනි, ධාතු කරඬුවක් පාවේවී යනවා." රජතුමා හරීම සතුටින් ධාතු කරඬුව කඩුපුල් පුදමින් නාග ලෝකයට වැඩමවනවා. ධාතු මන්දිරයක් හදනවා තනිකරම මැණික් වලින්. ඒ ධාතුන්වහන්සේලා තැන්පත් රන් කරඬුව මැණික් ආසනය මත තැන්පත් කරනවා. ස්වර්ණමාලිමහා සෑරජාණන් වහන්සේට වෙන්වු  ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා ඒ ලෙස ආරක්ෂා වෙනවා.

බුද්ධ පරිනිර්වානය සහ ධාතු බෙඳා දීම කතාව නිමි.


Comments

Popular posts from this blog

i අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම.

අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගාමිණි අභය රජු විසින් තැනු මේ ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාද්වීපයට වැඩම කිරීම. තුන් ලෝකයේම අසහාය මහා සෑ රජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලිමහා සෑ රජාණන් වහන්සේ. මහා සෑ රජාණන් වහන්සේ පිහිටි මේ භූමිය රහතන් වහන්සේලා අනුහය කෝටියක් වැඩ සිටි භූමියක්. මේ භූමියේ සෑම තැනක්ම රහතන් වහන්සේ නමක් වැඩ සිටි තැනක්.මේ මහා සෑය ගොඩනගපු ආකාරය ථුප වංශයේ හරිම ලස්සනට සඳහන් වෙනවා.ගඩොලින් ගඩොල මහා සෑය හැදෙන හැටි විස්තර වෙනවා. ලංකා ධරණි තලයේ බිහි වු ශේෂ්ඨතම රජු තමයි ගාමිණි අභය රජතුමා. එතුමා තමා මේ මහා සෑය ගොඩනැගුවේ. හරිම පුන්‍යවන්ත රජ කෙනෙක්. සසරේ පින් පිරූ රජ කෙනෙක්.සිංහල රාජ වංශයේ සක්විති රජු තමයි ගාමිණි අභය රජතුමා. ස්වර්ණමාලිමහා සෑයේ අප භාග්‍යවත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. දෙව්ලොව බඹලොව මනුලොව ගත්තාම අප බුදුරජාණන් වහන්සේගේ මේ සා විශාල ධාතු ප්‍රමාණයක් එකම ස්ථානයක වැඞ සිටින්නෙ නැහැ....

IV අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශ කතාවේ පළමු කොටස

අසිරිමත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... උඳුවප් පුන් පොහෝ දවසේ දඹදිව් තලයේ රජ කල ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය මත සංඝමිත් මහ රහත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනවා. මේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටුවීම මහ අනුභාවයක් පැතිරුනා මේ ලංකා ධරණී තලයට. අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුන් පොහෝ දින උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. අප භාග්‍යවතුන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට සෙවණ සැලසූයේ ඒ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. සිද්ධාර්ත කුමාරයා වෙසක් පුන් පොහො දින උපදින විට ශ්‍රී මහා බොධීන් වහන්සේත් මේ පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ හටගන්නවා. බුද්ධගයාවේ වජිරාසන භූමීය. මේ පෘථුවිය නැසී වැනසී යන කාලයේ අවසනයටම බිදී යන්නේ මේ වජිරාසන භුමීයයි. නැවත ධරණී තලයේ හට ගැනීමේ දී පළමුව හට ගන්නේද මේ වජිරාසන භුමීයයි. මේ වජිරාසන භුමියේ කිසි දිනක භූමීකම්පාවක් ඇතිවන්නේ නෑ. බුද්ධත්වයේදී මහ පොළොව කම්පා වෙනවා නමුත් වජිරාසන භූමිය කම්පා වෙන්නේ නෑ. බුද්ධ දේශනාවේ පවා එය සඳහන් වෙනවා. පෘථුවි...