මනාපදායී ලභතේ මනාප’න්ති ( මනාප දේ දෙන්නා මනාප දේ ලබයි ) - පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පිනවත් ලොකු ස්වාමීන් වහන්සේ - මහාමේඝ 2015 වෙසක් කලාපය භාග්‍යවතුන් වහන්සේ වදාළා මනාපදායී ලභතේ මනාප’න්ති මනාප දේ දෙන්නා මනාප දේ ලබයි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝතාපන්න ශ්‍රාවකයෙක් හිටියා උග්ග කියලා. උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රධාන හතරනමක් සංඝයා වහන්සේලා ගෙදර දානයට වඩින සේක්වා කියළා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. ඉතින් පසුදින බුදුරජාණන් වහන්සේ වැඩම කළා. උග්ග සිටුතුමා කියනවා භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ, ‘(මනාපදායී ලභතේ මනාප’න්ති) මනාප දේ දෙන්නා මනාප දේ ලබයි’ කියලා. භාග්‍යවතුන් වහන්ස, මම එ් වචනයට හරියට පැහැදුණා. එ් නිසා මම අද මට මනාප දේවල් ඔක්කෝම දානයට ලෑස්ති කළා. භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි ‘සල්ඵුප්වලට’. එ් නිසා මම භාග්‍යවතුන් වහන්සේට එ්වා ලෑස්ති කළා. කැමති දේ දුන්නා ම කැමති දේ ලැබෙනවා කියන කරුණ සිහිකරමින් මම එ්වා පූජා කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා..!” ඊට පස්සේ...
අප භාග්‍යවත් වු අරහත් වු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දානයේ අග්‍ර වූ කොටස පුජා කර අග්‍ර වූ පින් රැස් කල හැකි උතුම් වූ දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ ලැබී තියෙන්නේ. මේ මනුෂ්‍ය ජීවිතය තුල බුදුකෙනෙකුගේ ධර්මය අහන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ වගේම අප භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ශ්‍රී සංඝ රත්නය උදෙසා දන් පුජා කරගන්න ලැබීමත් ඉතාමත් දුර්ලභ වූ දෙයක්. අද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝ රත්නය උදෙසා දෙනු ලබන දානයෙන් අපේ ජීවිතයට ලද හැකි පුන්‍ය ගංගාව ගැන කතා කරන්නේ. දානය ගැන බොහෝ කරුණු අප භාග්‍යවතුන් වහන්සේගේ සුත්‍ර දේශනාවල සඳහන් වෙනවා. අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. අනේපිඬු සිටු මාළිගාවේ දිනපතා දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාව ද සුප්පියා ද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා. අප භාග්‍යවතුන් වහන්සේ චක්ක නිපාතයේ එන ආවරණ සුත්‍රයේ වදාළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී දෙසන...